Advertise with Giraya
FOREIGN

පැය 24ක් තුළ චීනයෙන් නව රෝගීන් කිසිවෙකු වාර්තා වී නැහැ

ගත වූ පැය 24 තුළ නව කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ වූහාන් නරගරයෙන් හෝ හුබෙයි ප්‍රාන්තයෙන් නව රෝගීන් කිසිවෙකු වාර්තා වී නොමැති බව එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ (18) දිනයේ දී වාර්තා වූ රෝගීන් 34 දෙනෙකු සිටිය නමුත් ඔවුන් සියළුදෙනාම විදෙස් රටවල්වල සිට චීනයට පැමිණි පුද්ගලයින් බව එරට සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවත් ඊයේ දිනයේදී චීනයෙන් කොරෝනා මරණ 8ක් වාර්තා වී ඇති අතර එය හුබෙයි ප්‍රාන්තයේ මධ්‍යම පළාතෙන් වේ. මේ වන විට චීනයේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 3245 ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර වාර්තා වන මුළු රෝගීන් ගණන 80,928 ක් වනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top