ලොව පුරා කොරෝනා වෛරසය පැතිර ඇති රටවල් අතුරින් දිනක් තුළදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ දී ඉතාලියෙන් වාර්තා වී තිබේ. ඒ මරණ 475ක්. ඉතාලියේ ලොම්බාර්ඩියා නගරයෙන් මරණ 319ක් වාර්තා වූ අතර මේ වන විට ඉතාලියේ මුළු මරණ සංඛ්‍යාව 2978ක් වේ. වෛරසයේ මුල් ආරම්භය සිදුවූ චීනයෙන් මේ වන විට වාර්තා වන්නේ පුද්ගල මරණ 3122ක් වන අතර දෙවන වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉතාලියෙනි. එරටින් ලැබෙන දත්ත අනුව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් 35,713 දෙනෙක් සිටින අතර ඉන් වැඩි බහුතරයක් වයස්ගත පුද්ගලයින් බව සඳහන්. ඒ අනුව ඉතාලියේ තත්ත්වය ඉදිරියේදී මිට වඩා භයානක වනු ඇති බවයි සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙන්නේ.
මේ වන විට පුරා සති දෙකකට ආසන්න කාලයක් ඉතාලිය සම්පුර්ණයෙන් වසා දැමීමට එරට රජය තීරණය කරනු ලැබුවා. ඒ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිමේ අරමුණින්.
යුරෝපීය හා ඉතාලි වෛරස් විද්‍යා සංගමයේ හිටපු සභාපති සහ පදෝවා විශ්ව විද්‍යාලයේ වෛරස් හා ක්ෂුද්රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන Giorgio Palù ප්‍රකාශ කර සිටියේ ඉතාලිය වසා දමා දින 10ක් ගතවූ තැන වෛරස් ව්‍යාප්තියේ අඩු වීමක් බලාපොරොත්තු වුවත් එය එසේ සිදු නොවූ බවයි.
” ඉතාලි බලධාරින් නිසි වෙලාවට ක්‍රියා කලේ නැහැ. ඇත්තටම ඔවුන්ට මීට කලින් ක්‍රියා කරන්න තිබුණා. අපි ප්‍රමාද වැඩියි. ඒ වගේම වෛරසයට කිසිදු දෙශ්සිමාවක් නැහැ. එය සියලු දෙනාම මතක තබා ගන්න ඕන” මහාචාර්ය Giorgio Palù විදෙස් මාධ්‍ය සමග පැවති සාකච්ජාවකදී කියා සිටියා.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 219,238ක් වාර්තා වන අතර මරණ 8967ක් වාර්තා වේ. රෝගීන් 89,742ක් සුවය ලබා ඇත.
