ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ මහමැතිවරණය සඳහා තරඟ කරන නාමයෝජනා ලැයිස්තුව ඊයේ (117) දිනයේ දී භාර දීමට කටයුතු සිදු කළත් එම නාම යෝජනා ලැයිස්තුවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ නම ඇතුළත්ව තිබුණේ නැහැ.
මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ඔහු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත් ඔහුව එක් දිස්ත්‍රික්කයකට පමණක් කොටු නොකර සමස්ත ක්‍රීඩකයන්ගේ නියෝජනයක් ලෙස ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම යෝග්‍ය බවයි.
එසේම, ඊයේ (17) ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවට තිලකරත්න ඩිල්ෂාන්, අර්ජුන් කමලනාත් සහ නිශාන්ත මුතුහෙට්ටිගම යන අයගේ ද නම් ඇතුළත්ව තිබුණේ නැහැ.
සම්බන්ධිත පුවත්
ඩිල්ෂාන්, අර්ජුන්, මුතුහෙට්ටිගම පොහොට්ටු ලැයිස්තුවෙන් එළියට
