Advertise with Giraya
POLITICS

විජයකලා එජාපයෙන් නාමයෝජනා භාරදෙයි

මහමැතිවරණය සඳහ යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කරන අපේක්ෂකයින්ගේ නාමයෝජනා අද(18) යාපනය දිස්ත්‍රික් ලේකම් භාරදීම සිදුකෙරිණ.

යාපනය එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකළා මහේෂ්වරන් මහත්මිය විසින් යාපනය මැතිවරණ තේරීම්භාර නිලධාරී කනපතිපිල්ලේ මහේෂන් මහතා වෙත භාර දෙනු ලැබීය.

නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් මහේශ්වරන් මහත්මියගෙන් සිදුකළ විමසීමකදී පැවසුවේ තමන් අලියා ලකුණෙන් තරඟ කරන අතර, සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමඟි ජන බලවේගය වෙනුවෙන් යාපනයෙන් කවුරුන් තරඟ කරනවාදැයි නොදන්නා බවයි.

තමන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහණය කිරීම වෙනුවෙන් කැපවන බවද මහේශ්වරන් මහත්මිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top