Advertise with Giraya
NEWS

Breaking News: පුත්තලමට හා කොච්චිකඩේ බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව,පල්ලම, උඩප්පුව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එසේම, හලාවත පොලිස් කොට්ඨාසයේ හලාවත, දන්කොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුව යන ප්‍රදේශවලටත් පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙයි.

Giraya News Alerts

ඔහු සඳහන් කළේ මීගමුව කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ද මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top