Advertise with Giraya
NEWS

පරිප්පු, සැමන් ගන්න මිනිස්සු පෝලිමේ.. වෙළෙන්දන් සැමන් හංගයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) දින රාත්‍රියේ සිට සැමන් ටින් එකක් රු.100කට සහ පරිප්පු කිලෝවක් රු. 65ක් දක්වා අඩු කිරීමත් සමඟ ජනතාව පරිප්පු සහ සැමන් ලබා ගැනීම සඳහා පෝලිම්වල සිටින බව වාර්තා වේ.

හැටන් ප්‍රදේශයේ සතොස ශාඛාව මගින් රු 65 ට පරිප්පු කිලෝවක් සහ රු 100 ට සැමන් ටින් එකක් ලබාදිම සිදු කරන නිසා එම ශාඛාවලින් පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක්ද ලබාදෙයි. මේ නිසා වතුකරයේ ජනතාව සැමන් සහ පරිප්පු ලබා ගැනීම සඳහ අද (18)උදෑසන සිට සතොස ශාඛාව වෙත පැමිණෙනු දකින්නට ලැබිණි.

නමුත්, හැටන් ප්‍රදේශයේ පෞද්ගලික වෙළෙඳුන් කියා සිටින්නේ තමන් සැමන් ටින් එකක් රු 225 වැනි තොග මිලකට ලබා ගත් බවත්, පරිප්පු කිලෝවක්ද පාලන මිලට වඩා වැඩි මිලටකට ලබා ගත් බවයි. රජයේ පාලන මිලට සැමන් සහ පරිප්පු ලබාදුන්න හොත් තමන්ට ඒ තුලින් විශාල පාඩුවක් සිදු වන බව පෞද්ගලික වෙළඳුන් පවසයි. නව මිලට සැමන් සහ පරිප්පු තොග වශයෙන් ලබාදෙන්නේ නම් එම සහනය පාරිභෝගිකයන් හට ලබාදිය හැකි බවද වෙළෙඳුන් පැවසීය.

Giraya News Alerts

එසේම, කහවත්ත, පැල්මඩුල්ල සහ බලන්ගොඩ යන ප්‍රදේශවල පරිප්පු සහ සැමන් මිල අඩු වී නැති බව ජනතාව විසින් චෝදනා කර සිටිනවා. වෙළඳුන් පවසන්නේ තමන්ට අඩු කල මිලට තවමත් එම භාණ්ඩ නොලැබුණ බැවින් පැරණි මිලටම අලෙවිය සිදු කරන බවයි.

මේ අතර, රජය මගින් සැමන් සහ පරිප්පු මිල පහත දැමූ පුවත සැලවීමත් සමගම මීගහකිවුල නගරයේ පිහිටි වෙළඳ සැලක තිබූ සැමන් ටින් තොගයක් වෙනත් ස්ථානයකට රැගෙන යාම සඳහා අද (18) උදෑසන ලොරි රථයකට ගබඩා කරන අයුරු ජනතාව දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් ඒන්. පී සමරවික්‍රම මහත්මිය “මේ කාරණාව සම්බන්ධයෙන් අද (18)උදෑසන මටත් පැමිණිල්ලක් ලැබුණා. ඒ අනුව මම වහාම ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. අදාළ වෙළඳසැල් හිමියාගෙන් මේ පිළිබඳ මම විමසුවා. ඔහු පවසා සිටියේ සැමන් තොග ඔවුන්ගේ ගබඩාවට රැගෙන යන බවයි. එහිදී සැමන් තොග සඟවා තැබීමට කිසිම අරමුණක් නැති බව ඔහු ප්‍රකාශ කළා. පවත්නා නීතිමය තත්ත්වය මම ඔහුට පහදා දීමට කටයුතු කළා. ඒ වගේම පාරිභෝගික අධිකාරියට මම මේ සම්බන්ධයෙන් දුරකථන දැනුවත් කිරීමක් සිදු කළා.කොහොම වෙතත් මේ අවස්ථාවේ කිසියම් කෙනෙකු ජනතාවට භාණඩ නොදී සිටීමට නොහැකියි.” යැයි පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top