ජපානයේ ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානි 62 හැවිරිදි කොසෝ ටෂිමා හට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී තිබෙනවා.
ජපාන ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානියා පසුගිය පෙබරවාරි මාසයේ අග සිට මේ මස මුල දක්වා කාලය තුළ එංගලන්තය, නෙදර්ලන්තය සහ ඇමරිකාව යන රටවල්වලට රාජකාරී කටයුතු සඳහා සංචාරය කර ඇත. එම සංචාරයේ දී ජාත්‍යන්තර පුහුණු තරඟ කිහිපයක් නැරඹීමටත් 2023 දී ජපානයේ දී පැවැත්වීමට අපේක්ෂා කරන කාන්තා ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳ වූ සාකච්ඡාවක් සඳහාත් සහභාගී වී ඇත. එලෙස සංචාරය කිරිමෙන් පසු අනතුරුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ උණ සහ නිවුමෝනියා තත්ත්වයක ලක්ෂණ හැරුණු කොට ඔහු හොඳ තත්ත්වයක පසුවෙන බවත් වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් හා ප්‍රතිකාරවටලට අනුව කටයුතු කිරීමට තමන් මේ අවස්ථාවේදී අවධානය යොමු කර ඇති බවත් ය.
කොරෝනා වෛරසය හමුවේ මෙවර ඔලිම්පික් තරඟාවලිය පැවැත්විය හැකිවේවිද යන්න සම්බන්ධයෙන් මේ වන විට ලොවපුරා කතා බහක් මතුව ඇත.
