මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි. මෙම දරුවාගේ මවට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇති බව වෛද්‍යවරුන් පවසයි. පියාට ද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරමින් සිටින අතර ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වේ.
වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනු ඔවුන් අංගොඩ IDH රෝහලට රැගෙන ඒමටයි කටයුතු කර ඇත.
මෙරටින් හමු වූ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ඊයේ (17) රාති‍්‍රයේ 43 ක් දක්වා ඉහළ ගියා. ඒ, ඊයේ දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු හමුවීමත් සමගයි. දැනට රෝගය තහවුරු කර ගැණුනු සියළු දෙනා IDH රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර දිවයින පුරා ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන 16 කදී තවත් 2,258 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලියට යොමුකර තිබෙනවා.
