Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ආගමන විගමන දෙපාර්තුමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනියි

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමේ ගැසට් නිවේදනය ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ(17) දිනයේ ප්‍රකාශයට පත් කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මීට පෙර ද ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති අතර පසුව එය චමල් රාජපක්ෂ අමාත්‍යවරයාට අයත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පත් කෙරුණි.

කෙසේ වෙතත්, මේ වන විට එය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර ඒ අනුව ආගමන හා විගමන කටයුතු සහ ශ්‍රී ලාංකික පුරවැසි භාවයට අදාල කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට පැවරෙයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top