Advertise with Giraya
NEWS

මැතිවරණය කල් දමන්න – කැෆේ සංවිධානය

මේ වන විට පවතින අවදානම්කාරී තත්ත්වය හේතුවෙන් මැතිවරණය පැවැත්වීම සුදුසු නොවන බව කැෆේ සංවිධානයේ අදහස වී තිබේ. ඒ හේතුවෙන්, එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත මෙන්ම මැතිවරණ කොමිසම වෙත ලිපි යොමු කර ඇති බවයි.

එමෙන්ම, ඡන්දය පැවැත්වෙන කාලවකවානුවේදී ඡන්ද රැලි, ගෙන් ගෙට යාම, අත් පත‍්‍රිකා බෙඳීම් වැනි කටයුතු මඟින් කොරෝනා රෝගය පැතිර යාම තව දුරටත් වර්ධනය විය හැකි ය.එම නිසා, මැතිවරණය පැවැත්වීමේ දී පවා දැඩි අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වන බව කැෆේ සංවිධානයේ අදහසයි.

නිසි ආකාරයේ නිරෝධායන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කොට මෙම වෛරසය පැතිර යාම සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු මැතිවරණය පැවැත් වීම නොකළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටියි.

Giraya News Alerts

මෙම වෛරසය හේතුවෙන් ලොව බොහෝ රටවල මැතිවරණ මේ වන විට අත්හිටුවා තිබේ. එලෙස මැතිවරණය අත්හිටුවා ඒ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සහ නිරෝධායන ක‍්‍රියාවලි සඳහා යොදාගත හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි. මැතිවරණ පැවැත්වීමටත් ප්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමටත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටීම අත්‍යාවශ්‍ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top