Advertise with Giraya
POLITICS

ඩිල්ෂාන්, අර්ජුන්, මුතුහෙට්ටිගම පොහොට්ටු ලැයිස්තුවෙන් එළියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (17දා) දිනය තුළදී කොළඹ, කළුතර, ගාල්ල, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, මාතලේ, නුවරඑළිය, මහනුවර, පුත්තලම, පොළොන්නරුව, මොනරාගල, ත්‍රිකුණාමලය හා වන්නි යන දිස්ත්‍රික්කවලට නාම යෝජනා භාර දීමට කටයුතු කළේය.

මේ සෑම දිස්ත්‍රික්කයකම නාම යෝජනා භාරදීමේ විශේෂත්වය වූයේ පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කණ්ඩායම් නායකයා සමඟ ඉතා සුළු නියෝජනයක් සහිතව සහභාගී වී නාමයෝජනා භාරදීමේ කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබීමයි.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂක කණ්ඩායමේ නාම යෝජනා ලැයිස්තු ඊයේ (17දා) පස්වරුවේදී ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඇමැති ‍වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා වෙත භාර දුන්නේය.

Giraya News Alerts

එම ලැයිස්තුවට රමේෂ් පතිරණ , අගොම්පොඩි මොහාන් ප්‍රියදර්ශන සිල්වා, චන්දිම වීරක්කොඩි, ගීතා සමන්මලී කුමාරසිංහ, අතුකෝරලගේ කාරියවසම් චමින්ද සම්පත්, ඉසුරු ‍දොඩංගොඩ, බද්දේගම සමිත හිමි, ෂාන් විජේලාල් ද සිල්වා, අමරවංශ ගාමිණි මුණගොඩ, ඉරංග දිල්ෂාන් විදානගමගේ, කිඹියගේ පුෂ්පලාල් කුමාරසිංහ, චන්න ශ්‍රී සාලිය මෙන්ඩිස් තිරමාදුර යන අය ඇතුළත්ව තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදිමට බලාපොරොත්තුවෙන් සිටි සිනමා නළුවකු වන අර්ජුන් කමලනාත්, සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් හා එ.ජ.නි.සන්ධනයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ට නාම යෝජනා ලැබි නැත.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහ මැතිවරණයේ දි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සදහා තරඟවදින බව මාධ්‍ය හමවුක් පවත්වා ප්‍රකාශයට පත්කොට තිබුණි. එමෙන්ම, සිනමා නළු අර්ජුන් කමලනාත් මහතා ද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ ආරාධනයෙන් මෙවර මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින බව සඳහන් කළේය.

තිලකරත්න ඩිල්ෂාන් හා අර්ජුන කමලනාත් යන මහත්වරු දෙදෙනා ඉදිරි මහමැතිවරණය ඉලක්කකොට ගෙන ගාල්ල දිස්ත්‍රික්කය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු ද ආරම්භකොට තිබුණි.

බද්දේගම ආසනයේ ශ්‍රි.ල.නි.පක්ෂයේ ආසන සංවිධායක එ.ජ.නි. සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතාටද නාම යෝජනා හිමිවි නැත. නිශාන්ත මුතුහෙට්ටිගම හිටපු මන්ත්‍රිවරයා ද ඉදිරි මහමැතිවරණය ඉලක්කකරගෙන පක්ෂ ක්‍රියාකාරින් හමුවෙමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භකොට තිබුණි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top