Advertise with Giraya
NEWS

ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිඳු අයුරකින් පළුදු නොකරන බවට මා සහතික වනවා… ඔබෙත් මගෙත් රට අද සුරක්ෂිතයි

‘ඔබෙත් මගෙත් රට අද සුරක්ෂිතයි’ ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුඳු නොකරන බව ජනතාවට සහතික වෙමින් ඊයේ (17) ජනාධිපතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

අද මා ඔබ අමතන්නේ කොරෝනා වයිරසය හෙවත් කෝවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්ත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි.

මේ වසරේ ජනවාරී මාසයේදී කොරෝනා වයිරසය පිළිබඳව ලෝක අවධානය යොමුවෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනකු ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වන විට කිසිදු කොරෝනා වයිරස් ආසාදිතයකු ලංකාවෙන් වාර්තා වී නොතිබුණත් මෙම වයිරසයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා අපි ජනවාරි මස 26 වැනිදා විශේෂ ජාතික කාර්ය සාධක කමිටුවක් පිහිටුවන්නට කටයුතු කළා.

Giraya News Alerts

ජනවාරි මස 27 වැනිදා ලංකාව තුළ ප්‍රථම කොරෝනා වයිරසය ආසාදිතයා ලෙස ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවක් හ¾දුනාගනු ලැබුවා. ඇයව වහාම ධ්ච්ඩ් රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර කළා. ඇය පෙබරවාරි 19 වැනිදා වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ලංකාවෙන් පිටව ගියා.

විශේෂ ගුවන් යානයකින් ලංකාවට රැගෙන එන ලද ශ්‍රී ලාංකික සිසුන් මත්තල ගුවන් තොටුපෙළේදී නිරෝධායනයට ලක්කොට දියතලාවේ විශේෂයෙන් සකස් කළ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියා. ඔවුන් කඳවුර තුළ දින 14ක් නිරෝධායනයට ලක්ව පෙබරවාරි මස 14දා සුරක්ෂිතව නිවෙස් බලා ගියා. මේ කාලයේ ගුවන් තොටුපොළෙන් ලංකාවට පැමිණෙනන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මූලික පරීක්ෂාවන් ගුවන් තොටුපළේදීම සිදු කරන්නටත් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් කටයුතු සලසා තිබුණා.

ආසාදිත චීන කාන්තාව හ¾දුනාගැනීමෙන් පසු මාසයක් පමණ කාලයක් තුළ අනෙකුත් කිසිදු රෝගියෙක් ගැන වාර්තා වූයේ නැහැ. චීනයෙන් පිට වෙනත් රටවලටද වයිරසයේ අවදානම පැතිරුණ නිසා ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් දින 14ක නිරෝධායනයකට ලක් කිරීමේ තීන්දුවක් ගත්තා. ඒ තීරණය ගත්තේ මාර්තු මස 10දායි. මේ අනුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත මගීන් යොමු කිරීම ආරම්භ වුණා. මෙය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේ ඉතාලියේ හා කොරියාවේ සිට පැමිණි යම් මගීන් දැඩි ලෙස විරෝධය පෑ අතර නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතර පැන යෑමට පවා සමහරුන් තැත් කොට තිබුණා.

මාර්තු මස 11දා අපට කොරෝනා ආසාදිත පළමුවැනි ශ්‍රී ලාංකිකයා වාර්තා වුණා. ඒ ඉතාලි ජාතික සංචාරකයන්ට මඟ පෙන්වන සංචාරක උපදේශකවරයෙක්. නිරෝධායන මධ්‍යස්ථාන තුළ හා ඉන් පිටත අප විසින් කරන ලද පරීක්ෂණවලින් තව තවත් ආසාදිතයන් හමුවන්නට පටන් ගත් අතර මේ වන විට ආසාදිතයන් 34 දෙනෙක් හදුනාගෙන තිබෙනවා.

මෙයට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ටි්‍රයාවත් එකතු වුණා.

මේ වන විට එංගලන්තය, බෙල්ජියම, නෝර්වේ, කැනඩාව, කටාර් හා බහරේන් රටවලින් එන අයත් නිරෝධායනයට ලක් වෙනවා. හෙට සිට නැවත දන්වන තුරු සියලුම සංචාරකයන් පැමිණීම නවතා දමනු ලබනවා.

අපි නිරෝධායනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් රටවලින් ලංකාවට පැමිණි සෑම දෙනෙක්ම මෙන්ම ඔවුන්ගේ ළඟම ඥාතීන් හදුනාගෙන ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට අප තීරණය කොට තිබෙනවා. මේ සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ග්‍රාම නිලධාරීන් යොදවන අතර ඔවුන්ට සම්පූර්ණ සහාය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් වගකීමෙන් යුතුව කටයුතු කරනා ලෙස මා ඉල්ලා සිටිනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නේ වයිරසය පැතිරීම අවම කිරීමටයි. එය නිසි අයුරින් භාවිත කිරීමට නම් ගමන් බිමන්, සමූහ වශයෙන් එක්වීම, උත්සව හා සාදවලින් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. මේ තත්ත්වය පාලනයට මෙතෙක් අප ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඔබ විසින් ඔබට ලබාදී ඇති උපදෙස් පිළිපැදීමත් මත මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් පාලනය කරන්නට අපට පුළුවන්.

රජයක් වශයෙන් රටේ ජන ජීවිතය පවත්වාගෙන යෑම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි.

රටේ සමහර පළාත්වල මේ වන විට නියඟයක් පවතිනවා. ඒ පළාත්වල ජනතාවට අපි පානීය ජලය ලබා දිය යුතුයි. සමහර පළාත්වල යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර ලබාදිය යුතුයි. තවත් පළාත්වල අස්වන්න නෙළන නිසා රජය වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එළවළු වෙලාවට මිලදී ගත්තේ නැත්නම් එළවළු ගොවියන් අසීරුවට පත් වෙනවා. ඒ වගේම එළවළු අඛණ්ඩව වෙළෙඳපොළට ගෙන ඒමත් අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කළ යුතුයි.

රාජ්‍ය නිලධාරීන් රාජකාරිවල යෙදුණේ නැත්නම් මේ සියල්ල අඩාල වෙනවා. අප තීරණ ගත යුත්තේ සමස්තය දෙස බලායි. නොවැම්බර් 16 වැනිදා අප ලද ජයග්‍රහණයෙන් පසු අපට පිහිටුවන්නට හැකි වූයේ සුළුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අය-වැයක් සම්මත කොට තිබුණේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකිනි. බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමත කොට තිබුණේ නැහැ. පොහොර සඳහා, බෙහෙත් සඳහා, ආහාර සැපයුම්කරුවන් සඳහා, ඉදිකිරීම්කරුවන් සඳහා මුදල් ගෙවා තිබුණේ නැහැ. අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සාහ කළා. එයට විපක්ෂයේ සහාය ලබුණේ නැහැ. මේ තත්ත්වය යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටුකිරීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. සුළුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුළ අනුමත කරගන්නට බැහැ.

ඒ නිසා තමයි මට ලැබුණු පළමු අවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරවීමත් සමඟ ව්‍යවස්ථාවෙන් ලැබුණු බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කළා. ඒ අනුව අත්‍යවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්ත්වයට මුහුණ දීමටත් අපට හැකි වුණේ ඒ නිසයි.

නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අය-වැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට පොරොන්දු වූ පරිදි සහන ලබාදීම, රැකියා ලබාදීම, කෘෂිකර්මය නඟා සිටුවීම ඇතුළු සංවර්ධ

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top