Update
ප.ව. 7.47
ශ්‍රී ලංකාවෙන් තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 09ක් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
_____________________________________________________________________________
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 34ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (17) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරිය මේ බව පැවසීය. ඇය පැවසුවේ 1වනදා සිට විදේශීය රටවල සිට මේ වන තෙක් ලංකාවට පැමිනි පිරිස ස්වයං නිරෝදායනයට නිවෙස්වල සිට කටයුතු කළ යුතු බවයි.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියේ මෙරට දී කොරෝනා වෛරසයට ගොදුරුවු දෙවන රෝගියා වන සංචාරක මග පෙන්වන්නාගේ බිරිඳට ද වෛරසය වැළදී ඇති බවයි.
එමෙන්ම ජර්මනියේ සංචාරයේ නිරතවීමෙන් පසු කොරෝනා වෛරසයට ගොදුරු වූ මෙරටදී හඳුනා ගත් පුද්ගලයාගේ ඥාතියෙක්ටද කොරෝනා වෛරසය වැළදී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.
මිට අමතරව බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක්, කටාර් සිට පැමිණි උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් සහ කැලණිය හා මාරවිල ප්‍රදේශයෙන් ද කොරෝනා වෛරස් රෝගීන් හමු වූ බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
එමෙන්ම, නිරෝධායන මධ්‍යස්ථාන වලදී හමුවන කොරෝනා ආසාධිත රෝගීන් කොළඹ IDH රෝහලට රැගෙන ඒමේ දී ඇතිවන අපහසුතාවයන් මඟ හරවා ගැනීම සඳහා පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහල ඉදිරියේදී ඒ සඳහා යොදා ගැනීමට මේ වන විට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
ඒ අනුව එම රෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය පොළොන්නරුව රෝහලෙන් සහ දිවයිනේ අනෙකුත් රෝහල්වලින් අනියුක්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
