යම් තැනැත්තෙක් ලියපදිංචි වීම සඳහා පොලීසියට පැමිණීමට අවශ්‍ය නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
යම් තැනැත්තෙක් මාර්තු 1-15 ත් අතර කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට ලංකාවට පැමිණ ඇත්නම් ඔවුන්ට 119 මධ්‍යස්ථානයට හෝ ළඟම ඇති පොලිස්ථානයේ ලියාපදිංචි වන ලෙසට ඊයේ(16) ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නිවේදනයක් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් ළඟම ඇති පොලිස් ස්ථානයේ ලියාපදිංචි වීමේ දී පොලිස්ථානයට පැමිණීමට අවශ්‍ය නොවන අතර, පොලිස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දී ලියාපදිංචි විය හැකි බව සියලු දෙනා වෙත දැනුම් දීමට කටයුතු කළ යුතු බව පොලීසීය පවසයි.
