ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව එම ගුවන් සමාගම නිවේදනය කරයි. ඒ අනුව එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කර සිටියි.
මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව සිටින ගුවන් නියමුවා කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ආදී සිසුවෙක් වන අතර ඔහු පසුගිය සති අන්තයේ පැවති එම විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් මහ තරඟය නැරඹීමට ද ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම විද්‍යාලයේ ආදී සිසුවෙක් විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය වැළදී ඇති එම ආදී සිසුවා සමග එකට සිටි අනෙක් පිරිසටද නිවෙස් වලටවී ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි.
