Advertise with Giraya
NEWS

Breaking News: කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් තිදෙනෙක් හඳුනා ගැනේ

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් තිදෙනෙක් මේ වන විට හමුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීමේ පියවර හා එහි වර්තමාන තත්ත්වය පිළිබඳව මේ මොහොතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ පරීක්ෂණ අනුව මෙම ආසාදිතයින් සොයා ගෙන තිබේ. මෙම රෝගීන් තිදෙනාම අංගොඩ උණ රෝහලේ නේවාසිකව සිටින රෝගීන් බව ද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

වයස අවුරුදු 13 ගැහුණු දරුවෙක් හා වයස අවුරුදු 50 ක හා 37 ක් වු පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර වෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top