Advertise with Giraya
POLITICS

වියත්මඟ චරිතට නාමයෝජනා අහිමි වීම ගැන බෝපගේ කතා කරයි

2020 මහමැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහාචාර්ය චරිත හේරත් තරඟ කිරීමට අපේක්ෂාවෙන් මැතිවරණ කටයුතුවල නියැලී සිටියත් මේ වන විට ඔහුට නාම යෝජනා නොලැබී ඇති බවට වන මතයක් පැතිර යන අතර මේ පිළිබඳව අදහස් පළ කරමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ විසින් ආන්දෝලනාත්මක සටහනක් තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා. .

අදාළ ෆේස්බුක් සටහනින් නීතිඥ නිමල් බෝපගේ පවසන්නේ මහාචාර්ය චරිත හේරත් වැනි පුද්ගලයින් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ යුත්තේ අදාළ පක්ෂ වෙතින් ඉදිරිපත් කරනු ලබන ගෞරවාන්විත ඉල්ලීමක් මත වුවද මේ වන විටත් මහචාර්ය චරිත හේරත්ට සිය කඳවුර තුළින්ම විරෝධයක් එල්ල වී ඇති බවයි.

මේ අතර මහාචාර්ය චරිත හේරත් විසින් රෝපණය කිරීමට ගිය සුහුරු දේශපාලන භාවිතය අහිමි වුවහොත් එය ඔහුට වඩා රටට පාඩුවක් බවද නිමල් බෝපගේ සටහන් කර තිබෙනවා.

එම සටහනට ලැබී ඇති ප්‍රතිචාර තුළද චරිත හේරත්ට නාම යෝජනා අහිමි වී ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් කණගාටුවෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර ඇතැමුන් පොහොට්ටුවෙන් ඉවත්වන බවට ද සටහන් කර තිබෙනවා.

නීතිඥ නිමල් බෝපගේ තැබූ එම ආන්දෝලනාත්මක සටහන පහතින්.

මා මිත්‍ර චරිත හේරත් වෙතටයි,

ඔබ විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකි, රජයේ උසස් නිලධාරියෙකි, එසේම නැවුම් සුහුරු දේශපාලන අංකුරයකි. ඔබ වැන්නකු පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ඔබ වෙත කරනු ලබන ගෞරවාන්විත ආරාධනාවකින් මිස ඔබ විසින් කරනු ලබන ඉල්ලීමක් මත නොවේ.

එහෙත් ඔබ මේ බිමේ රෝපණය කිරීමට උත්සාහ කළ සුහුරු දේශපාලන භාවිතය නිසාම වර්තමානයේ ඔබට එරෙහිව කොතෙකුත් අවි එසවී ඇත. එය කල්තියා ඔබ අපේක්ෂා නොකළේ නම් එය ඔබේ වරදකි. ඔබේ ඉලක්කය මේ මොහොතේ ඉටු නොවුන හොත් එහි පාඩුව ඔබට නොව රටටය. එබැවින් කුමන අභියෝගයක් ඉදිරියේ වුවද ඉලක්කය අත් නොහැර ඊට මුහුණ දියයුතු බව පමණක් අවධාරණය කරමි.

බොහෝ පිරිසක් ඔබේ/අපේ කඳවුරේ යැයි අප සිතා සිටියද තවමත් එය එසේ නොවන බවද සිත්හි තබාගත යුතුය.

ඔබට ශක්තිය !

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top