එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණයට පිල් දෙකක් යටතේ හෝ එක්ව හෝ තරග කළ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එය අභියෝගයක් නොවන බව අධිකරණ, මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
එසේම, දෙකඩ වුවත් තනියම පැමිණියත් තම පක්ෂයට ජයග්‍රහණය කළ හැකි බවත් පැවසු අමාත්‍යවරයා, අනුන්ගේ දුර්වලතාවයෙන් ලබන ජයග්‍රහණය ඵලක් නොමැති බවත් පැවසීය.
මහ මැතිවරණය පිළිබඳව බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මේ වන විට එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩි බවත් තමා කිසිදාක පක්ෂයක් දෙකඩ වුවායැයි පවසා සතුටු වන අයෙක් නොවන බවයි. තම ශක්තිය තුළින් ජයග්‍රහණය ලැබිය යුතු බවත්, ඒ ශක්තිය පෙන්වමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
