කොරෝනා වෛරසය පැතිරයෑම වැළැක්වීමේ පියවරක් ලෙස පොලිස් නිශ්කාෂණ වාර්තා (පොලිස් වාර්තා) ලබාදීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
මේ අනුව පොලිස් වාර්තා නිකුත් කිරීම සඳහා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විවෘත කර තිබූ කාර්යාලයද ඊයේ (15 වැනිදා) සිට සති දෙකක කාලයක් වසා දැමෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ අතර කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීමේ පූර්ව කි‍්‍රයාමාර්ගයක් ලෙස පොලිස් මූලස්ථානයේ කි‍්‍රයාත්මක මහජන සහන දිනය සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පවත්වන සහන දිනයද නවතා දැමීමට කටයුතු කර ඇත.
සමන් ගමගේ – දිවයින-
