ඇමරිකානු යුද නෞකාවක් වන USS Boxer හි සේවය කරන නැවියෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මෙම පුද්ගලයා සමග සේවය කළ හා සමීප සම්බන්ධකම් පැවැත්වූ සෙසු පිරිස් ඉක්මනින්ම හඳුනා ගෙන ඇති අතර ඔවුන්ව මෙ වන විට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඇමරිකානු නාවික හමුදාව නිවේදනය කර සිටියි.
ඒ අනුව ප්‍රහාරක නෞකාවක රාජකාරි කරමින් සිටියදී කොරෝනා වෛරසය වැළදුණු පළමු අමෙරිකානු සෙබලා මොහු වනවා
