දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ ගුවන්තොටුපොළේදී පලාගොස් නිවෙස්වලට පැමිණි තරුණයන් සිවුදෙනකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් නිරෝධායන කටයුතු සඳහා භාරදීමට නියමිත බව පොලිසිය කියයි. කටුනායක ගුවන්තොටුපොළේදී මොවුන් එහි නිලධාරීන්ට හොරෙන් පලාවිත් නිවෙස්වල රැඳී සිටියදී ගුවන්තොටුපොළ මඟින් ලබාදුන් තොරතුරු මත මෙම තරුණයන් සොයා ගනු ලැබිණි.
රත්නපුර පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් මෙම තරුණයන් පොලිසිය විසින් සොයා ගනු ලැබිණි. නිරෝධායනයට බියෙන් තම නිවෙස්වල සිටි නමුත් පිටතට නොගිය බව ඔවුන් පොලිසියට පවසා තිබේ.
