ලොව පුරා මේ වන විට නව කොරෝනා වෛරසය නිසා සිදු වූ මරණ සංඛ්‍යාව 6500 ඉක්මවා ඇති අතර රටවල් 140ක පැතිර ගොස් තිබේ. වෛරසය වැළඳුන රෝගීන් සංඛ්‍යාව 169,605ක් වන අතර මරණ සංඛ්‍යාව 6518ක් දක්වා වැඩි වී ඇත.
මේ වන විට යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉතාලියෙන් මරණ 1809ක් වාර්තා වන අතර රෝගීන් ගණන 24747ක් වී ඇත. ඉතාලි සෞඛ්‍යය අංශ ප්‍රකාශ කළේ ගත වූ පැය 24 තුළ නව මරණ 368ක් වාර්තා වී ඇති බවයි. ස්පාඤ්ඤයේ රෝගීන් ගණන7845ක් වන අතර මරණ සංඛ්‍යාව 292කි. ඊයේ දිනයේ දී නව මරණ 97කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ මෙම මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
මේ අතර ප්‍රංශයෙන් ආසාදිතයින් 5,423 ක් සහ මරණ 127ක් වාර්තා වාර්තා වෙයි. එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 1,391 දෙනෙකු වාර්තා වන අතර සිදුව ඇති මරණ ගණන 35ක්
ඊට අමතරව ඉරානයෙන් මරණ සංඛ්‍යාව 724 දක්වා වැඩි වී අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 13938ක්.
මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සුපිරි වෙළඳසැල්, ආපනශාලා, කෝපි හල් සහ පොදු උද්‍යාන වසා තැබීමට සෞදි රජය නියෝග කර තිබෙනවා.
එම නියෝගයට අනුව ෆාමසී, ආහාර බෙදා හැරීමේ ස්ථාන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අලෙවි කරන වෙළදසැල් පමණක් විවෘතව තබන බවයි සෞදි රජය තීරණය කර තිබෙන්නේ. ආපන ශාලා සහ අවන්හල් තුළ පාරිභෝගිකයින්ට අහාර ලබා දීම පවා තහනම් කර ඇත.
මේ වන විට සෞදි අරාබියේ කොරෝනා රෝගීන් 103 වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
