Advertise with Giraya
NEWS

දඹුල්ල ඇස් කණ්නාඩි අ‌‌ලෙවි කරන ‌වෙළඳසැලක ‌සේවකයෙකු අභිරහස් ‌ලෙස මියගිහින්

දඹුල්ල නගරයේ කුරුණෑගල පාරේ ඇස් කණ්නාඩි අලෙවි කරන වෙළෙඳසැලක සේවය කරමින් සිටි තරුණයකු අද (15) දින පස්වරුවේ සිය වෙළඳසැලේ ඉහළ මාලයේ කාමරයක වැටී මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

එම වෙළෙඳසැලේම සේවය කළ සේවිකාවක ද එම අවස්ථාවේදීම හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා රෝහල් ගත කළ බව දඹුල්ල පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ එම වෙළෙඳසලේ සේවය කරන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මරණය සිදු වූ නිශ්චිත ආකාරයක් තවමත් අනාවරණය කරගෙන නැති බව පොලිසිය සඳහන් කරන අතර දඹුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පර්‍යේෂණ සිදු කරනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top