Advertise with Giraya
NEWS

විවාහ උත්සව සඳහා අමුත්තන් අවම කරගන්නැයි ජනතාවට උපදෙස්

මෙම කාලසීමාවේ විවාහ උත්සව සඳහා සහභාගී කරගන්නා පිරිස හැකිතරම් අවම කරගන්නැයි සෞඛ්‍ය අංශ සහ පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රට තුල ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කර තිබේ.

මේ වනවිට මහජනයා වැඩි වශයෙන් රැස්වන රාජ්‍ය සහ පෞද්ගලික උත්සව අද සිට සති 02 ක් තහනම් කර තිබෙනවා අතර වහාම කි‍්‍රයාත්මක වන පරිදි මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇති සියලුම ප‍්‍රසිද්ධ රැස්වීම් හා උත්සව ආදිය තහනම් කිරීමට රජය තීරණය කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදා ගනිමින් සෑම පොලිස් බල ප‍්‍රදේශයකම ජනතාව දැනුවත් කිරීමට වැඩබලන පොලිස්පති සී.ඩී වික‍්‍රමරත්න, සියලූ පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක් ද සිදුකර තිබේ.

Giraya News Alerts

රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා ප‍්‍රතිපාදන සලසා ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top