Advertise with Giraya
NEWS

විදේශ සබඳතා අමාත්‍යාංශයේ කොරෝනා කතාවට ඇමති දිනේෂ් පිළිතුරු දෙයි

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහුට කොරෝනා වැළඳී නැති බව සඳහන් කළා.

එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ “මට කිසිම කොරෝනාවක් නෑ. මම ජිනීවා ගිහිල්ලා ඇවිල්ලා දැන් දවස් 15ක් වෙනවා.” යනුවෙනි.

මේ අතර, විදේශ සබඳතා අමාත්‍යංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. විදේශ සබඳතා අමාත්‍යාංශය මාර්තු 14 නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කර සිටියා.

එම සිදුවීම අනාවරණය වීමත් සමග විදේශ සබඳතා අමාත්‍යාංශය ආරක්ෂිත පියවර කිහිපයක් ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන්. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ නිලධාරිනිය මාර්තු 13 සිකුරාදා සිට ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති බවයි.

ඊට අමතරව ඇය සේවය කළ අංශය සහ ඇය සබඳතා පැවැත්වූ අංශ විෂබීජහරණය කිරීමට අවශ්‍ය පියවර වහාම ගෙන ඇති බවයි. සිය කාර්ය මණ්ඩලයේ සහ අමාත්‍යංශය වෙත පැමිණෙන අයගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ද කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද නිවේදනයේ සඳහන්.

මීට අමතරව ඇය සමග කටයුතු කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස ද උපදෙස් ලබා දී ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top