Advertise with Giraya
NEWS

රටවල් රැසකට වීසා ලබා දීම අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි කොරියානු ජනරජය, ඉරානය, ඉතාලිය, බහරේන්, කටාර්, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව යන රටවල විදේශිකයින් සඳහා වීසා නිකුත් කිරීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ මෙරට තුල කොරෝනා වෛරසය ව්‍යාප්තිය වලක්වීමේ අරමුණින් ය.

එමෙන්ම ඉතාලිය, ඉරානය, කොරියානු ජාතිකයින්ට දැනටමත් ලබා දී ඇති සියලුම වර්ගවල ඉලෙක්ට්‍රොනික සංචාරක වීසා, බහු පිවිසුම් වීසා සහ මෙරට පදිංචිය සම්බන්ධයෙන් ලබාදී ඇති වීසා තාවකාලිකව අත්හිටුවා ඇති අතර එම විදේශීය ජාතිකයින්ට ඊයේ (14) දිනයේ සිට සති දෙකක කාලයක් ගතවනතුරු ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදිමටයි රජය තීරණය කර ඇත.

මිට අමතරව ඉතාලිය, ඉරානය, කොරියානු ජාතිකයින්ට අමතරව අනෙක් විදේශිකයින් සඳහාද ලබාදී ඇති ඉලෙක්ට්‍රොනික සංචාරක වීසා, බහු පිවිසුම් වීසා සහ මෙරට පදිංචිය සම්බන්ධයෙන් ලබාදී ඇති වීසා බලපත්‍රයන්ද අද (15) දිනයේ සිට සති දෙකක කාලයක් ගතවනතුරු ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදිමටයි රජය තීරණය කර ඇත.

Giraya News Alerts

මිට අමතරව මාලදිවයින, සිංගප්පුරුව සහ සීෂෙල්ස් යන රටවල් සඳහා ලබාදී තිබු විද්‍යුත් වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම තහනම සඳහා රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි විදේශිකයින් අයත් නොවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top