ඉදිරි දෙසතියක කාලය තුල දේව මෙහෙයන් නතර කිරීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මේ මොහොතේ සිට මාර්තු මස අග වන තෙක් ඉරිදා දින දේව මෙහෙයන් ඇතුළු කතෝලික දේවස්ථාන වල පවත්වනු ලබන සියලුම දේව මෙහෙයන් අවලංගු කරන බවයි උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ.
අද අගරදගුරු නිල නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
කොරෝනා වෛරසය මර්ධනය කිරිමට රජය ගෙන යන වැඩපිලිවලට සහය පලකරන ලෙස මෙහිදී උන්වහන්සේ සමස්ත රට වැසියාගෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා.
