Advertise with Giraya
NEWS

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 07 දක්වා ඉහළට

මේ වන විට කොරෝනා වෛරසය වැළඳුන රෝගීන් 07 දෙනෙකු සිටින බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටිනවා. කොරෝනා මර්දනය කිරීමේ ජාතික ක්‍රියාකාරී කමිටුවේ මාධ්‍ය හමුවේදී ඇය මේ බව සඳහන් කර සිටියා.

අද (14) දිනයේ දී නව රෝගීන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 8 දක්වාත් දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 07 දක්වාත් ඉහළ ගොස් ඇත.

අද දින වාර්තා වූ පුද්ගලයන් දෙදෙනාම ඉතාලියේ සිට පැමිණ ඇති පුද්ගලයන් වේ. එක් අයෙක් 44 හැවිරිදි වියේ පසුවන අතර ඔහු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් වන අතර මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Giraya News Alerts

අනෙක් පුද්ගලයා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 43 වන වියේ පසුවන පුද්ගලයෙක් වන අතර ඔහු මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top