Advertise with Giraya
POLITICS

එජාපයේ ඉහළ තනතුරුවලට අලුත් නම් යෝජනා වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා සුදුස්සන් නම් කර නිර්දේශ ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට දැනුම් දී ඇත.

මෙයට හේතුව වී ඇත්තේ, එම පක්ෂයේ තනතුරු දැරූ කිහිපදෙනෙක්ම මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගය සමඟ එක්ව සිටීමයි. ඒ අනුව, පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස සිටි සජිත් මහතාගේ තනතුරට, පක්ෂ සභාපතිව සිටි කබීර් හෂීම් මහතාගේ තනතුරට සහ දිස්ත්‍රික් නායකයන් මෙන්ම ආසන සංවිධායකවරු සඳහා සුදුස්සන් පත් කිරීමට නියමිතව ඇත.නියෝජ්‍ය නායක තනතුර සඳහා නවීන් දිසානායකගේ නම මේ වන විට යෝජනා වී ඇති නමුත්. නවීන් දිසානායක මහතා එම තනතුරට පත් වුවහොත් ජාතික සංවිධායක ධුරය හිස් වෙයි.

මේ වන විට දිස්ත්‍රික්ක හතක පමණ දිස්ත්‍රික් නායකයන් සමගි ජන බලවේගයට එක්ව සිටින නමුත් තවමත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව තරඟ කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙයි.

Giraya News Alerts

සෙනසුරාදා රාත්‍රිය දක්වා එක්ව තරග කිරීමට අවශ්‍ය පසුබිම සකස් නොවුණහොත් ඉරිදා (15දා) දිනයේදී නාම යෝජනා අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. පක්ෂයේ නාම යෝජනා සකස් කිරීම මේ වන විට සිදු වන බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ රැස්වීම් මාලාවක් පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී පක්ෂ නායකයන් අවධාරණය කර ඇත්තේ වෙනත් දේශපාලන පක්ෂයකට සහයෝගය දැක්වුවහොත් පළාත් පාලන මන්ත්‍රීධුරය අහිමි වන බවයි. තවද සමගි ජල බලවේගයේ නාම යෝජනා නීතිමය ගැටලුවක් හේතුවෙන් අහෝසි වන බවද එක්සත් ජාතික පක්ෂ නායකයන් මෙහිදී පෙන්වා දී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top