ලෝක ප‍්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් එම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඔහු පවසන්නේ සිය සමාජ සත්කාරක කටයුතුවලට වැඩි වේලාවක් කැප කිරීමට තීරණය කිරීම ඊට හේතුව බවයි.
ඒ අනුව ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාව හා අධ්‍යාපනය නැංවීම හා සංවර්ධනය මෙන්ම කාලගුණ විපර්යාස හේතුවෙන් ඇතිවන බලපෑම් අවම කිරීම වැනි ක්ෂේත‍්‍ර කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.
මීට පෙර ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් දරා සිටි බිල් ගේට්ස් මේ වනවිට පසුවන්නේ ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේයි. එහි පළමු ස්ථානයේ පසුවන්නේ ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසස්.
