කොවිඩ් 19 නව කොරෝනා වෛරසය ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම සහ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළේදී අනුගමනය කරන නිරෝධායන කටයුතු යටතේ ඊයේ (13) දින සවස 4.30 වන විට පමණක් ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 391දෙනකු නිරෝධායන කටයුතු සඳහා පොළොන්නරුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට සහ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ.
පසුගිය 10 වැනිදා සිට ඊයේ (13) වන දා පස්වරු 4.30 දක්වා කාලයේ දී ගුවන් මගීන් 1524 දෙනකු නීරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. එසේම, ඊයේ (13) මධ්‍යම රාත‍්‍රී 12.00 සිට මෙම රටවල් තුනේ සිට කිසිදු ගුවන් මගියකු ශ‍්‍රී ලංකාව වෙත ඇතුළු කර ගැනීම අත්හිටුවා තිබේ.
මේ වන විට මෙම රටවල් තුන හැරුණු විට ලෝකයේ තවත් විශාල රටවල් ගණනාවක මෙම රෝගය පැතිර පවතින අතර, එම රටවල ගුවන් මගීන් කිසිදු නිරෝධායන ක‍්‍රියාවලියක නිරත නොකර කටුනායක ගුවන් තොටුපළින් රටට පිවිසීමට ඉඩ ලබා දී තිබේ.
එසේම ඊයේ සවස ද ඉතාලියේ සිටි ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 30දෙනකු රැගත් ඉටිහාඞ් ගුවන් සේවයේ ගුවන් යානයක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
