ආරක්ෂක අංශ වලද සහය ඇතිව නව කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීම සඳහා පොදු ප‍්‍රවාහන සේවයට යොදා ගන්නා බස්රථ සහ දුම්රිය විෂ බීජ හරණය කිරීම අද සිට ආරම්භ වනවා.
ඊයේ (13) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
මේ අතර නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම්පලට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබාදීමට ජාතික ගමනාගමන කොමිසම අද සිට කටයුතු යොදා තිබෙනවා.
මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමටයි ජාතික ගමානගමන කොමිසමේ අවධානය යොමුව ඇත්තේ.
