Advertise with Giraya
NEWS

තවත් කොරෝනා ආසාදිතයින් 3ක් සොයා ගැනීමත් සමග ශ්‍රී ලංකාව ආසාදිත ලැයිස්තුවේ ඉහළට

කොවිඩ් 19 වෛරසය ආසාදිත තවත් රෝගීන් 3 දෙනෙකු තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්.

අද (13) සවස නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ජර්මනියේ සිට පැමිණි පුද්ගලයෙකුට හා ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වී ඇති බවයි.

ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙකු කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනෙක් පුද්ගලයා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

Giraya News Alerts

ඒ සමගම ලෝකයේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් වාර්තා වූ රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළට පැමිණ තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top