කොරෝනා වෛරසයේ ගැටලුව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් කැඳවන ලෙස සමගි ජන බලවේග නායක හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් සිදුකලා.
ඒ කොළඹ දී අද(13) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තුව විසුරුවා හැර අපේ‍්‍රල් 25 වන දින මැතිවරණයක් කැඳවනු ලැබුවත් ජනතාවගේ ජීවිත මිස මැතිවරණය වැදගත් නොවන බවයි. මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ සතියේ දිනවල හෝ සති අන්තයේ වේවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් කැඳවිය යුතු බවයි.
එසේම, රට ගැන සිතා ජනතාවට ප්‍රමුඛතාවයක් ලබා දී කිසිදු දේශපාලන වාසි හෝ අවාසි දෙස නොබලා මේ ගැන කටයුතු කළ යුතු බවයි. සියලු දෙනා එක්ව මධ්‍යස්ථ ආකාරයෙන් මේ ගැන සාකච්ඡා කර රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට විපක්ෂයක් ලෙස තමා සුදානම් බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂය කණ්ඩායමක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ජනතාවගේ හා රට පැත්තෙන් ලබා දිය යුතු උපරිම සහයෝගය ලබා දීමට සුදානම් බවත් ඒ මහතා කියා සිටියේය.
