හෙට සිට සති දෙකක කාලයක් සඳහා දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වසා තැබීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.
රජයේ සියලුම පාසල් ද අද දිනයේ සිට වසා දැමීමට ඊයේ (12) දිනයේ දී රජය තීරණය කළේය.
එසේම දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ද අප්‍රේල් මස 26 වනදා දක්වා වසා තැබීමට තීරණය කළ අතර මීට අමතරව සියලුම පෞද්ගලික සහ අගරදගුරු යටතේ පවතින ජාත්‍යන්තර කතෝලික පාසල් ද හෙට සිට අප්‍රේල් මස 20 වනදා දක්වා වසා තැබීමට ඊයේ (12) දිනයේ දී තීරණය කළේය.
