කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාසල් දරුවන්ට නිවාඩු ලබා දීම එක් යහපත් පියවරක් වුවත් කෙරෝනා වෛරසයට මුහුණ දීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග කුමක් දැයි වහා ජනතාව හෙළි කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා එම නිවේදනයෙන් දක්වා තිබේ.
එසේම, කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇති බවත් ඇමෙරිකාව, යුරෝපය සහ අසියානු රටවල් මුහුණ දීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.
ලොව ඇතැම් දියුණු රටවල් පවා මෙම වෛරසයට මුහුණ දීම සඳහා තම සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශයට පත් කර ඇති බවත් වික්‍රමසිංහ මහතා පවසයි.
මෙම තත්ත්වය මත කොරෝනා වෛසරසයට මුහුණ දීම සඳහා ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට රජය විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
