Advertise with Giraya
SPORTS

කොරෝනා නිසා ලෙජන්ඩ්ස් තරඟාවලිය කල් යයි… IPL තරඟාවලියටත් ප්‍රේක්ෂකයන් නැහැ

මාර්ග අනතුරු සම්බන්ධ දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වූ ලෙජන්ඩ්ස් තරඟාවලිය කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පැතිර යන කෝවිඩි 19 වෛරසය නිසා එම තරඟාවලිය කල් දමා ඇති අතර ‘ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්’ කණ්ඩායමේ සාමාජිකයන් නැවත දිවයිනට පැමිණ තිබේ. එම තරඟාවලිය නැවතත් එළඹෙන මැයි මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය මෙවර ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමට එහි සංවිධායකයින් තීරණය කර තිබේ. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග IPL තරගාවලියට ඉන් එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙක් සාකච්ඡා කිරීම සදහා විශේෂ රැස්වීමක් ද පැවැත්වීමට IPL තරඟ සංවිධායකයින් තීරණය කර තිබුණා. එම තරඟාවලිය ලබන 29 වනදා ආරම්භ වීමටයි නියමිතව තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top