අද (13) දිනයේ ද කොළඹ කොටස් වෙළඳපොලේ කටයුතු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. අද පෙරවරු 10.02 සිට දහවල් 10.32 දක්වා මිනිත්තු 30ක කාලයක් සාමාන්‍ය ගනුදෙනු සිදු වි නැති බව වාර්තා වෙයි.
ඊයේ (12) දිනයේ ද කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීමත් සමඟ මෙසේ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
මෙයට හේතුව වන්නේ, දිනය තුළ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL 20 දර්ශකය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ ගියහොත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය ස්වයංක්‍රීයවම මිනිත්තු 30 ක කාලයක් සඳහා අඩාල වීමයි.
