ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දැරූ විජිත් විජයමුණි සොයිසා මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (13) තීරණය කර තිබේ.
ඊයේ (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එහිදී මෙම තීරණය ගත් බව රැස්වීමෙන් අනතුරුව පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එමෙන්ම, හිටපු මන්තී‍්‍රවරයාට අමතරව ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් පිරිසක්ද පක්ෂයෙන් නෙරපා හැරි බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේය. පක්ෂයේ විනය ක්‍රියාමාර්ගවලට අනුව මෙම තීරණ ගත් බවත් ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැවති රැස්වීමේදී සාකච්ඡා වූ බවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
