ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා සති දෙකක කාලයක් බලපැවැත්වෙන පරිදි හදිසි තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා. ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් විදේශයන්ගේ සිටින ශ්රී ලාංකිකයින් හට මෙරටට පැමිණීමට මෙතෙක් අවස්ථාව දී තිබුනත් මෙම නීතිය බලපවත්විමෙන් පසු කිසිඳු ශ්රී ලාංකිකයෙකුට මෙරටට පැමිණීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
ඒ අනුව, හෙට(14) සිට සති දෙකක් කාලයක් දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය සිට මෙරටට මගින් රැගෙන ඒමෙන් වළකින ලෙස ගුවන් සමාගම්වලට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය සිට මෙරටට මගින් රැගෙන ඒමෙන් වළකින ලෙස රජය දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
