Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

කැනේඩියානු අගමැති බිරිඳටත් කොරෝනා වැළඳේ… අගමැතිව නිරෝධායනයට යොමු කරයි

කැනේඩියානු අගමැති වන Justin Trudeau ගේ බිරිඳ වන Sophie Gregoire Trudeau හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා ගොස් නැවත පැමිණි පසුව ඇය රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

කැනේඩියානු අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ මේ වන විටත් අගමැති නිල නිවසේ නිරෝධාන කටයුතු වලට ලක්වෙමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මේ අතර මිලියන 38කට ආසන්න කැනඩාවේ ජනතාවගෙන් සීයයට 30 -70 ත් අතර පිරිසකට කොරෝනා වෛරසය ආසාධනය විය හැකි බව එරට සෞඛ්‍ය අමාත්‍යවරිය වන Patty Hajdu අද (13) අනතුරු අඟවා සිටියා. කැනේඩියානු පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය කමිටුවේ අද පැවති විශේෂ රැස්වීමකට ඇය ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් සඳහා රජය සුදානම් විය යුතු බවයි.

Giraya News Alerts

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට කැනඩාවේ එක් පුද්ගලයෙක්‌ ජිවිතක්ෂයට පත්ව ඇති අතර වාර්තා වන රෝගීන් ගණන 100කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top