සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායන ක්‍රියාවලියට ලක් කර තිබෙනවා. ඒ ඔහු ක්‍රීඩා කරනු ලබන Juventus පාපන්දු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙක් වන ඩැනියෙල් රුගානි කොරෝනා වෛරසයට ආසාධනය වීමත් සමගයි.
රුගානි සහ රොනාල්ඩෝ ඉකුත් ඉරිදා ක්‍රීඩා විවේකාගාරයේ එකට සිට තිබෙනවා. ඒ ඉන්ටර් මිලාන් පාපන්දු කණ්ඩායම සමඟ පැවති තරගයෙන් පසුවයි.
මෙම තරගයේදී ඩැනියෙල් රුගානි සමග සම්බන්ධ වූ සියලු ක්‍රීඩකයින්ට නිරෝධායන ක්‍රියාවලියකට යොමු වන ලෙස කණ්ඩායම් දෙකේ බලධාරින් දැනුවත් කර ඇත.
