Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දෙවන ලාංකික කොරෝනා රෝගියාත් සංචාරක මඟපෙන්වන්නෙක්

අද (12) දිනයේදී හඳුනාගනු ලැබූ දෙවන ලාංකික කොරෝනා ආසදිත රෝගියා ද සංචාරක මඟපෙන්වන්නෙක් බව වාර්තා වේ. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටින්නේ ඔහු 44 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඊට පෙර එම වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ පුද්ගලයා සමග දඹුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක එකට නවාතැන් ගෙන සිට ඇති බවත් ය. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ දෙවන රෝගියාට එම වෛරසය පළමුව වාර්තාවූ පුද්ගලයාගෙන් වැළදෙන්නට ඇති බවට විශ්වාස කරන බවයි.

මේ වන විට එම පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයින් සහ ඔහු ආ ගිය ස්ථාන සම්බන්ධයෙන් විස්තර ලබා ගනිමින් සිටින බවටද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් නිරන්තරයෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට ජනතාව පෙළඹිය යුතු බවටද මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top