Advertise with Giraya
NEWS

Breaking News: සියළුම පාසල් අප්‍රේල් 20 දක්වා වසා දමයි

පැතිර යන නව කොරෝනා වෛරස තත්වය හේතු කොට ගෙන දිවයිනේ සියළුම පාසල්වල පළමු වාරයේ කටයුතු අවසන් කර අප්‍රේල් මාසයේ ලබා දෙන නිවාඩුව හෙට සිට ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම අමාත්‍යාංශයේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය. ඒ අනුව හෙට දිනයේ සිට අප්‍රේල් මස 20 වනදා දක්වා පාසල් නිවාඩුව ක්‍රියාත්මක වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, අප්‍රේල් මස 6 වන දින නිවාඩුව ආරම්භ වීමට තිබු බවයි. එසේම, ක්‍රීඩා උත්සව හා පාසල් ක්‍රීඩා තරග පැවැත් වීම සම්බන්ධයෙන් අදාල පාසල්වල විදුහල්පතිවරු විසින් තීරණ ගත යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top