Advertise with Giraya
NEWS

Exclusive: පාසැල් වසා දැමීම ගැන මෙතෙක් තීරණය කර නැහැ

පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් දිවයිනේ සියළුම පාසැල් දින 14ක කාලයක් සඳහා වසා දැමීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රකාශ කර සිටියි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ පිළිබඳව අද(12) සවස පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අවසන් තීරණය ගෙන ජනතාව දැනුවත් කරන බවයි.

එසේම, පාසැල් වසා දැමීම පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද තහවුරු කර සිටියි.

මිට අමතරව, ඉදිරියේදී යාමට නියමිත සියලු පාසල් අධ්‍යාපන චාරිකා යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම වෛරසය ආසාදිතව ඇති පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති බව වාර්තා වී ඇති බැවින් ඉදිරියේ දී යොදා තිබෙන ඇති සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා නතර කරන ලෙස ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් එම නිවේදනයේ දැක්වේ

ඇතිවිය හැකි කවර හෝ අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top