නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12) උදෑසන පොළොන්නරු රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා සෝමාවතිය ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි අයෙකි.
මෙම රෝගීන් දෙදෙනාම ඉතාලියේ සිට පැමිණි අය වන අතර ඒ අතුරින් සෝමාවතිය ප්‍රදේශයේ වන්දනාවේ ගොස් සිටියදී රෝහල් ගත කළ පුද්ගලයා මීට දින 10කට පෙර ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකු බව වාර්තා වේ. එම පුද්ගලයා සිය පවුලේ සාමාජිකයින් සමඟ රට පුරා ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවත් වාර්තා වෙයි.
මේ වන විට, මෙම රෝගීන් දෙදෙනා IDH රෝහලට රැගෙන යෑමට සුදානම් බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ අතර සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ විදෙස් රටවලින් මාර්තු 10 දිනට පෙර මෙරටට පැමිණි පුද්ගලයින් තම නිවෙස්වල සිට නිරෝධායන කටයුතුවල නිරතවන ලෙසයි.
