Advertise with Giraya
Giraya NewsGiraya News
ENTERTAINMENT

ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය වැළඳේ

ලොව ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ වන රීටා විල්සන් යුවලට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වර්නර් බ්‍රදර්ස් සමාගමේ ‘එල්විස් ප්‍රිස්ලි’ චිත්‍රපටයේ රංගන කටයුතු වල නියැලෙමින් සිටියදී ඔහුට මෙම වෛරසය ආසාදනය වී ඇති බව එම සමාගම සඳහන් කරයි. එම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමේ පුද්ගලයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

ටොම් හෑන්ක්ස් විසින් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ ඔවුන් දෙදෙනා මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින බවත් පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත් ය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top