එක්සත් ජාතික පක්ෂයේ සියළුම පළාත් පාලන මන්ත්‍රීවරුන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ලිපියක් යවා ඇත.
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය අලියා ලකුණින් තරඟ කරන බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා ඇති බැවින් ඒ සඳහා පූර්ණ සහය ලබාදෙන්නැයි ඔහු එමඟන් ඉල්ලීමක් සිදු කර ඇත.
එසේම, කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් මෙම තීරණයට පටහැනිව කි‍්‍රයාකරන පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන්ට එරෙහිව පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව විනය පියවර හෝ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද පියවර ගන්නා බව වැඩිදුරටත් එම ලිපියෙන් දන්වා ඇත.
එම ලිපිය පහතින්.

