නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට ඉතාලි ජාතික යුවලක් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. මෙම යුවලගේ 72 හැවිරිදි කාන්තාව දැඩි අසනීප තත්ත්වයෙන් පෙළුණු එහෙයින් එහෙයින් 119 දුරකතනයට ලැබුණු තොරතුරක් මත රෝහලක ලැගුම්ගෙන සිටිය දී පොලීසිය මඟින් සොයා ගෙන අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවීර ප්‍රකාශ කලේ මොවුන් ඉතා ආරක්ෂාකාරීව රෝහල තුළ රඳවාගෙන පරීක්ෂණ සිදු කරන බවයි. මොවුන් ගමන් ගත් මෝටර් රථයද විසබීජ නාශක ද්‍රව්‍යයන් යොදා ගෙන පිරිසිදු කිරීමට කටයුතු යොදා ඇති බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියි.
