බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත විමර්ෂන කටයුතු සිදු කෙරෙන ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුගේ හිසට ටයරයක් අත්හැරීමේ සිද්ධියට සම්බන්ධ එම සරසවියේ සිසුන් පස් දෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා මිරිහාන පොලිසිය, කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය සහ විශේෂ විමර්ශන අංශය විසින් එක්ව සිදුකළ විමර්ශනයකදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කලේ ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ පසිඳු හිරුෂාන් සිසුවාගේ හිස මතට ටයරය අත්හැරිය ජ්‍යෙෂ්ඨ සිසුවාද සිටින බවයි.
පොලිස් භාරයට ගනු ලැබූ පිරිසගෙන් මේ වන විට පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට සිදුකරන බව වැඩිදුරටත් වාර්තා වේ.
ඉකුත් 05 වැනිදා රාත්‍රියේ ජයවර්ධනපුර සරසවි භූමියේදී පැවැත්වූ උත්සවය අතරතුරදී මුහුණ දුන් අනතුරකින් හිසේ සිදුවූ අභ්‍යන්තර ලේ වහනය නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසර පසිඳු හිරුෂාන් සිසුවා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
